(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).
Paul (2011)
Graeme Willy හා Clive Gollings යනු කොමික් පොත් ලියන දෙදෙනෙකි. තම පොත්වලට නව අදහස් ගැනීම සඳහා මොවුන් ඇමරිකාවේ සංචාරයකට එයි. දිනක් මෙසේ ගමන් කරන විට රිය අනතුරක් දකින මොවුන් අනතුරට පත්වූවන් බේරාගැනීමට යයි. එහිදී ඔවුන්ට හමුවන්නේ හොඳින් ඉංග්‍රීසි කථා කළ හැකි, Paul නම් පිටසක්වල ජීවියා ය! Paul ද මොවුන්ගේ ගමනට එක් වන අතර එහිදී දැනගන්නේ Paul, තම යානය කඩාවැටුනු පසු තමාව රජයේ රහස් පරීක්ෂණාගාරවලට රැගෙන ගිය බවත්, විශාල කාලයක් ඒවායේ වැඩ කළ බවත්, තම දැනුම ඔවුන්ට දුන් බවත්, අවසානයේ ඔවුන් තම මොළය ලබාගැනීමට උත්සාහ කළ නිසා, රහසේ ම පිටසක්වලට පණිවුඩයක් ද යවා, එහි වැඩකරන Zoil නම් තරුණයාගේ ද උදව් ඇතිව තමන් එතැනින් පැන ආ බවත්ය. එමෙන් ම දැන් ඔවුන්, තමන්ව අල්ලා ගැනීමට තමා පසුපස එන බව ද කියයි. මෙසේ යන ගමන අතරතුර අහම්බෙන් මෙන් Ruth Buggs නම් දැඩි දේවවාදී තරුණිය ද ගමනට එකතුවෙයි. කෙසේවෙතත් Paulගේ පෙන්වාදීම් හමුවේ ඇය එම දේවවාදී අදහස් අත්හැර දමයි. නොයෙක් දුෂ්කරතා හමුවේ ගමනාන්තයට ඒමට සමත් වන අතර, Paulගේ යානය කඩා වැටුනු දින ඔහුට උදව් කළ Tara නම් දැරිය (දැන් ආච්චි කෙනෙකි) ද හමුවී ඔවුන් සියල්ල සමඟ තම මිත්‍ර පිටසක්වල යානය එන තැනට යයි. එහිදී මේ සියල්ලම විරුද්ධවාදීන්ගේ අතටම හසු වූවත් මෙතෙක් වේලා Paulව ලුහුබදිමින්, ඔහුව බේරාගැනීමට ඩබල් ගේමක් ගැසූ Zoil පැමිණ ඔවුන්ව බේරාගනී. Ruthගේ පියා ද ඔවුන් පසුපස පැමිණෙන අතර ඔහු Paulට තැබූ වෙඩිල්ල වදින්නේ Graemeට ය. Paul නැවතත් ඔහුට පණ දෙන අතර ඒ මොහොතේම එතැනට කඩාපාත්වන පිටසක්වල යානය නිසා තත්ත්වය වඩාත් යහපත් අතට හැරේ. අවසානයේ Paul යන්නට යන අතර Graemeට Ruthව සෙට් වේ.. ;) පසු කලෙක Graemeගේ හා Cliveගේ පොත ලොව වැඩියෙන් ම විකිණෙන කොමික් පොත බවට පත්වේ. විවිධාකාර හැඟීම් මෙන්ම සිද්ධීන් ද කැටි කරගත්, හොඳ හැටි හිනාවිය හැකි, ටිකක් රළු භාෂාවක් තිබුනත්, හොඳ තත්ත්වයේ sci-fi - comedy ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).

0 comments:
Post a Comment