Tuesday, November 24, 2015

Maze Runner: The Scorch Trials (2015)

WCKD සංවිධානය මඟින් සෑදූ වංකගිරියෙන් බේරී එන Thomas ඇතුළු පිරිස, එම සංවිධානයට විරුද්ධව වැඩ කරනවායැයි කියන, Janson නම් පුද්ගලයෙක් යටතේ ඇති තවත් කඳවුරකට රැගෙන යයි. එහිදී ඔවුන්ට අමතකව තිබූ ලෝකයේ සත්‍ය ස්වභාවය කෙමෙන් වැටහෙයි. කලෙකට පෙර සූර්යයාගෙන් නිකුත් වූ ගිනිදැල්ලක් නිසා ලෝකයට විශාල හානියක් වූ බවත්, එයින් දිවි ගලවාගත්තවුන්ගෙන් වැඩි පිරිසක් Flare වෛරසය නිසා Cranks නමින් හඳුන්වන උමතු සතුන් පිරිසක් වී ඇති බවත් සුළු කොටසක් පමණක් තැන් තැන් වල කණ්ඩායම් ආකාරයෙන් ජිවත්වන බවත් ය. ස්වභාවයෙන්ම Thomas සතුව මෙම වෛරසයට ප්‍ර‍තිශක්තියක් ඇති බැවින් ඔහුව කුඩාකාලයේදී ම, Paige නම් වෛද්‍යවරිය යටතේ ඇති WCKD සංවිධානයේ භාරයට ගෙන ඇත. WCKD හි වංකගිරි පරීක්ෂණයේ අරමුණ වන්නේ ද Thomas වැනි තරුණ තරුණියන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අනුව වෛරසයට ප්‍ර‍තිකර්මයක් සෑදීමයි.
නව කඳවුරේ දී Thomas ඇතුළු පිරිසට, ඔවුන් සිටි ඇකාරයේ වංකගිරිවල සිට බේරී ආ තවත් බොහෝ අය හමුවේ. Janson විසින් දිනපතා එයින් කීපදෙනා බැගින් තවත් හොඳ සථානයකට රැගෙන යන බව පවසා ගෙනයයි. එහි වැඩි කාලයක් රැඳී සිටි Aris නම් තරුණයාගේ ද උදව් ඇතිව Thomas මේ ගැන සොයා බලන අතර එහිදී අනාවරණය වන්නේ මේ කඳවුර ද WCKDහි ම කොටසක් බවත්, Paige තවමත් ජීවත් වන බවත්, කලින් රැගෙන ගිය අය රහස් කාමරයක රඳවා, ඔවුන්ගේ මොළවලින්, වෛරසය තරමක් දුරට හෝ පාලනය කළ හැකි බෙහෙතක් නිස්සාරණය කරන බවත් ය. මෙය දැකීමත් සමඟ වහා ක්‍රියාත්මක වන Thomas, තම කණ්ඩායමත් සමඟ එතැනින් පැනයයි. Crankලාගේ ප්‍ර‍හාර මැද අති දුෂ්කර ගමනක් අවසානයේ ඔවුන් කුඩා කල්ලියක් වෙත එයි. එයට ද WCKD විසින් පහර දෙන අතර එහි සිටි Jorge හා Brenda ද සමඟ එතැනින් පැන ගැනීමට සමත් වේ. නැවතත් දිගු ගමනකින් පසු ඔවුන් Right Arm නම් කැරලිකරුවන් වෙත යයි. එහිදී Thomasට, WCKDහි කලින් වැඩකළ Mary Cooper නම් වෛද්‍යවරියගෙන් දැනගැනීමට ලැබෙන්නේ Thomas ද WCKDහි වැඩකළ අයෙක් බවත්, එහි ක්‍රියාවලිය ගැන කළකිරී කැරලිකරුවන්ට තොරතුරු දුන් බවත්, එබැවින් ඔහුගේ මතකය මකා දමා ඔහුව ද වංකගිරියට දැමූ බවත් ය (source: Vidusara). කෙසේවෙතත් Thomasගේ කණ්ඩායමේ ම කෙනෙක් වූ Teresa, WCKD වෙත තමා සිටින තැන ගැන තොරතුරු සපයයි. Paige හා Janson ඇතුළු WCKD කණ්ඩායමක් පැමිණ මහා විනාශයක් සිදුකර එහි සිටින්නන්ව රැගෙන යාමට තැත් කරයි. Thomasගේ හා Jorgeගේ සටන් කිරීම නිසා සියල්ලන් රැගෙන යාමට නොහැකි වුවත්, Thomasගේ යහළුවා වූ Minho ඇතුළු පිරිසක් රැගෙන යාමට සමත් වේ. Thomasගේ ඊලඟ උත්සහය වන්නේ අවසානයට ඉතුරු වූ ටික දෙනා සමඟ WCKD වෙත ගොස් පහර දී විනාශ කර මේ දරුණු ක්‍රියාවලිය නැවැත්වීමයි.
දරුණු වෛරසයක් නිසා විනාශ වෙමින් පවතින මනුෂ්‍ය සංහතිය බේරාගැනීමට ඉතිරිව සිටින්නන් ද විනාශ කරමින්, වැරදි ආකාරයකින් ක්‍රියා කරන සංවිධානයකින් පැනයන ළමුන් පිරිසක් ගැන මෙන්ම, ඔවුන් ඉමහත් කැපකිරීම් කරමින් එය නවතා දැමීමට දරන උත්සහය ගැන කියවෙන, ක්‍රියාදාම බහුල, සුපිරි තත්ත්වයේ action - sci-fi ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



0 comments:

Post a Comment