Thursday, November 26, 2015

Paddington (2014)

පේරු හි මහ කැලයට යන ගවේශකයෙකු වූ Montgomery Clydeට බුද්ධිමත් වලස් වි‍ශේෂයක් හමුවේ. මොහු සමඟ කලක් ගතකරන විට මෙම වලසුන්ට ඉංග්‍රීසි ද කථා කිරීමට හැකිවේ. Clyde ඔවුන් ව Lucy හා Pastuzo ලෙස නම් කරයි. ඔහු කැලයෙන් යන්නේ වලසුන්ට ලන්ඩන් වෙත ඒමට ආරාධනයක් ද කරමිනි. වසර කීපයකට පසු මෙම වලසුන්, තම බෑනා සමඟ සතුටෙන් ජීවත් විය. දිනක් සිදුවන දරුණු භුමිකම්පාවක් නිසා Pastuzo මාමා මියයයි. Lucy නැනදාගේ බෑනා, ඇයත් සමඟ ලන්ඩන් බලා එන්නේ Clydeව සොයාගෙන ය. එහි පැමිණි පසු ඔවුන් වෙන් වී වෙන වෙනම තමන්ට අවශ්‍ය නවාතැන් සොයාගෙන යයි. තරුණ වලසා ට Brown පවුල හමුවන්නේ මෙහිදී ය. ඔවුන් මොහුට Paddington ලෙස නම් තබයි. තාවකාලිකව Brown නිවසේ සිටින Paddington ට Brown මහතා හැර අනෙක් සියල්ලන් කැමති වේ. Brown මහතා උත්සහ කරන්නේ Paddingtonට කෙසේ හෝ Clydeව සොයා දී ඌව නිවෙසින් පිටත් කරවීමටයි. මේ අතර Clydeගේ දුව වන Millicent Clyde, Paddington පසුපස පන්නයි. Brown මහතා හා Paddington කොතෙක් උත්සහ කළත් ගවේශක Clydeව සොයාගැනීමට අපෙහොසත් වේ. මේ නිසා මෙන්ම Paddington අතින් සිදුවූ යම් යම් සිද්ධීන් නිසා Paddington තනිවම තම අරමුණ ඉටුකරගැනීමට උත්සහ කරයි. මෙහිදී Paddington දැනගන්නේ ගවේශක Clyde මහතා මියගොස් ඇති බව ය. පෙර සිට ම Paddington පසුපස පැන්නූ Millicent Clyde, Paddingtonව අල්ලාගෙන, ඌව මරා, තම කෞතුකාගාරයේ ප්‍ර‍දර්ශන භාන්ඩයක් ලෙස තැබීමට සැරසෙයි. ඇය මෙසේ සතුන්ගෙන් පලිගන්නේ ඇගේ පියා, තම පවුලට මෙන්ම ඇයට ද  හරි හැටි නොසැලකූ නිසාවෙනි. කෙසේ වෙතත් Brown පවුල සිද්ධිය තේරුම් ගෙන, Paddingtonව සොයා පැමිණ, සෑහෙන උත්සහයක් දරා ඌව බේරාගනී. අවසානයේ Paddingtonට නියම පවුල හමුවේ. පවුලේ සැමට බැලිය හැකි, ලස්සන කථාවක් සහිත, හොඳ තත්ත්වයේ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



0 comments:

Post a Comment