Thursday, November 19, 2015

I Origins (2014)

Ian Gray, ඇසේ පරිණාමය ගැන පරීක්ෂණ කරන පශ්චාත් උපාධි සිසුවෙකි. ඇසේ පරිණාමය ගැන නිසි සාක්ෂි තවමත් නැතිවීම, මිනිසා දෙවියන් විසින් නිර්මාණය කරා'යැයි කියන මතය තහවුරු කරන එක් සාධකයක් බැවින් එය බිද දැමීම  Ianගේ ඉලක්කයයි. තම මිතුරා වූ Kenny සමඟ මොහු මෙම පරීක්ෂණ කරන අතර උපාධි ශිෂ්‍යාවක් වූ Karen ද මොවුන්ගේ වැඩවලට සම්බන්ධ වෙයි. එක් දිනකදී Ianට තරුණියක් මුණ ගැසෙන අතර ඔහු ඇගේ දෑසේ ඡායාරූප ගනී. ඔවුන් ප්‍රේමයකට මුල පිරුවත් හදිසියේම ඇය පලා යයි. කෙසේවෙතත් ටික දිනකට පසු අහඹු සිදුවීම් කීපයකින් පසු නැවතත් ඇයව හමුවේ. Sofi නම් එම තරුණිය සමඟ නැවතත් ප්‍රේමය පටන්ගනී. ඔවුහු විවාහ වීමට ද තීරණය කරයි. විවාහ වන දිනයේ පරීක්ෂණාගාරයේ කෙරුණු පරීක්ෂණයක් සාර්ථක වීමක් ගැන Karen, Ianට දැනුම් දෙන අතර Ian, Sofi ද සමඟ පරීක්ෂණෘගාරයට යයි. නැවතත් එහි සිට එන අතරතුර විදුලි සෝපානයේ දී සිදුවන අවාසනාවන්ත අනතුරක් නිසා Sofi මියයයි. කාලෙකට පසු Ian, Karen සමඟ විවාහ වෙයි. වසර 7කට පසු ඔවුන් මේ තාක් කළ පරීක්ෂණ ගැන පොතක් පළ කරන අතර ඒ සමයේදීම ඔවුන්ට දරුවෙකුද ලැබෙයි. අළුත උපන් සෑම දරුවෙකුගේ ම ඇස් පරිලෝකනය කර ගබඩා කරන නව ක්‍ර‍යට අනුව මේ දරුවාගේ ද ඇස් පරිලෝකනය කරන අතර එහිදී පෙන්වන්නේ මෙම දරුවාගේ අක්ෂි සටහනට සමාන අක්ෂි සටහනක් ඇති  Paul Edgar Dairy නම් පුද්ගලයෙක් සිටින බව ය. මෙය පද්ධති‍යේ වැරැද්දක් ලෙස නොසලකා හරි. පසු කලෙක Simmons නම් වෛද්‍යවරියක් ඔවුන්ට කථා කර කියන්නේ ඔවුන්ගේ දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා සහභාගි වන ලෙසත් ය. එම පරීක්ෂණයේ දී දරුවාට විවිධ ඡායාරූප පෙන්වා ඒවා කෙරෙහි දරුවාගේ සංවේදීතාව ගැන සොයා බලයි. නමුත් මේ ගැන සැක කරන Ian, ඒ ඡායාරූපවල තිබූ තොරතුරු අනුව අදාල ප්‍රදේශය සොයා යන අතර එහිදී ඔහු දකින්නේ, තම දරුවා වඩාත් සංවේදී වූ දර්ශන එහි ඇති බවත් කලෙකට පෙර එහි විසූ Paul Edgar Dairy මිය ගිය බවත් ය. වෛද්‍ය Simmons උත්සහ කරන්නේ පුනරුත්පත්තිය ගැන පරීක්ෂණයක් කිරීමට ද, කෙනෙක් මියගිය විට ඔහුගේ අක්ෂි සටහනම ඇති තවත් අයෙක් ඉපදීමට ඇති ඉඩකඩ ගැන සෙවීමට ද යන්න ඔවුන්ට සැක මතුවේ. Ian, Karen හා Kenny එකතු වී Sofiගේ අක්ෂි සටහන සහිත අයෙක් ගැන සොයා බලන අතර එවිට හමුවන්නේ එම අක්ෂි සටහනම සහිත දැරියක් ඉන්දියාවේ සිටින බවය (source: Vidusara). Ian ඉන්දියාවට ගොස් දැඩි වෙහෙසක්, වියදමක් දරා Salomina නම් එම දැරිය සොයාගන්නා අතර ඇයට ද ඔහු, Sofiගේ මෙන්ම Sofi ආසා කළ දේවල්වල ඡායාරූප පෙන්වයි. නමුත් පරීක්ෂණය එතරම් සාර්ථක නොවන අතර ඇයව නැවත නිවසට ගෙනයාම සඳහා Ian නැවතී සිටි හෝටලයේ විදුලි සෝපානය වෙත යන අතර එහිදී ඇය දැඩි ලෙස බියපත් වී, අඬමින්, Ian ව දැඩිව බදාගනී. එහිදී ඔහු කරුණු තේරුම්ගනී. ෆිල්මේ අවසානයට ම වෛද්‍ය Simmons විසින් ලොව සිටි ප්‍ර‍සිද්ධ පුද්ගලයන්ගේ අක්ෂි සන්සන්දනය කිරීමක් පෙන්වයි. සැබවින්ම සිදුවන දේ හා විද්‍යාත්මක පැහැදිළි කිරීම් අතර පරතරය මෙන්ම ඇදහිලි හා විශ්වාසව අභියොගයට ලක් කරත් සමහර අවස්ථාවලදී ඒවා නොසැලකිය නොහැකි බව පැවසෙන, සංවේදී සිද්ධි මෙන්ම 18+ දර්ශන කීපයක් ද ඇති, එහෙත් ලස්සන, අමුතු ආකාරයේ කථාවක් සහිත සුපිරි තත්ත්වයේ විද්‍යා ප්‍ර‍බන්ධ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



0 comments:

Post a Comment