Sunday, October 25, 2015

The Incredibles (2004)

Bob Parr (හෙවත් Mr. Incredible), හා ඔහුගේ බිරිඳ Helen (හෙවත් Elastigirl), යනු හොඳම සුපිරි වීරයන් ය. ඔවුන් සෑම විටම නගරයේ වන අපරාධ නවතමින් මිනිසුන් බේරාගනී. එක් දිනක් මෙසේ මෙහෙයුමක සිටියදී Buddy Pine නම් ළමයෙක් (Mr. Incredibleගේ රසිකයෙක්) ඔහුට උදව් කරමින් ඔහු සමඟ වැඩ කිරීමට සූදානම් වේ. නමුත් Mr. Incredible ඔහුව නොසලකා හරියි. පසු කලෙක මේ සුපිරි වීරයන්ගේ වැඩ තහනම් වන්නේ, ඔවුන් මිනිසුන් බේරාගැනීමට යාමේදී දේපලවලට සිදුවන හානිය නිසාවෙනි. Mr. Incredible හා Elastigirlගේ දරුවන් වන Violet, Dash, හා Jack-Jack ද සමඟ සාමාන්‍ය පවුලක් ලෙස ජීවිතය ගතකිරීමට සිදුවේ. මේ අතර Mr. Incredibleව, දැනට වැඩකරන තැන සිදුවන සිද්ධියක් නිසා රස්සාවෙන් ඉවත් කරයි. ඉන් ටික දිනකට පසු ඔහුට විශේෂ ඇමතුමක් එන්නේ ඔහුගේ සුපිරි හැකියාවලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාවක් ඇති බව කියමිනි. මෙයට කැමතිවන Mr. Incredible, කාටවත් නොකියා එයට සම්බන්ධ වේ. දූපතක සිටින දරුණු රොබෝවෙකු විනාශ කිරීමට මොහු රැගෙන යයි. ඌව විනාශ කළ පසු Mr. Incredibleව සිර කරන අතර පසුව ඔහු දැනගන්නේ මේ සියල්ල Buddyගේ සැලසුම් බව ය. Buddy හදන්නේ Mr. Incredibleගෙන් ද පලිගනිමින් සත්‍ය සුපිරි වීරයන් විනාශ කර, තමන් සෑදූ රොබෝවන් නගරයට යවා, තමන් ම ඒවා නවත්වා, සුපිරි වීරයෙක් වීමට ය. කෙසේවෙතත් Elastigirl මේ තත්ත්වය දැනගෙන Mr. Incredibleව බේරාගැනීමට පැමිණෙන අතර ඇය සමඟ දරුවන් ද පැමිණේ. Buddy ඔවුන්ව ද අල්ලා සිර කරයි. පසුව දරුණු රොබෝවෙක් ද සමඟ නගරයට ගොස් තමන්ගේ 'වීරත්වය' පෙන්වීමට උත්සහ කරයි. කෙසේ හෝ Mr. Incredible ඇතුළු පවුල, සිර කර සිටි තැනින් පැනගන්නා අතර නැවතත් නගරයට පැමිණ දැඩි සටනක් දීමෙන් පසු Buddy ව නැවැත්වීමට හැකිවේ. මේ ආකාරයෙන් ඔවුන්ට නැවතත් සුපිරි වීර වැඩ කිරීමට අවස්ථාව උදා වේ. සුපිරි වීරයන්ගේ සුපිරි වැඩ ගැන කියවෙන සුපිරි තත්ත්වයේ action - animation ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).





0 comments:

Post a Comment