Saturday, October 17, 2015

Moonrise Kingdom (2012)

ඒ 1965 වසරයි. Sam 12 හැවිරිදි අනාථ දරුවෙකි; පෝතක බාලදක්ෂයෙකි. කලෙකට පෙර ඔහුට හමුවූ Suzy නම් දැරියක් සමඟ ආදර සම්බන්ධයක් ද ඇත. Sam දැන් උත්සහ කරන්නේ Suzy සමඟ තමන් විසින් ම නම් කරගත් Moonrise Kingdom නම් මුහුදු බොක්කක් වෙත පැන යාමට ය. කලින් සැළසුම් කළ පරිදි Sam තම බාලදක්ෂ කඳවුරෙන් පැනගන්නා අතර Suzy ද නිසි වේලාවට නිසි තැනට පැමිණ Sam ව හමුවේ. ඔවුන් දෙදෙනා එක්ව ඔවුන්ගේ චාරිකාව ආරම්භ කරයි. කෙසේවෙතත් මොවුනගේ අතුරුදන් වීම ගැන සොයා බලන වැඩිහිටියන්, සෑහෙන පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මොවුන් ව සොයාගනී. එසේ ම නැවතත් ඔවුනොවුන් හමු නොවිය යුතු බව කියමින් ඔවුන්ව වෙන් කරයි. නමුත් ටික දිනකට පසු Sam හා Suzy නැවතත් පැනයන්නේ, කලින් Samට විරුද්ධ වූ, නමුත් දැනි තම සිත වෙනස් කරගත්, Samගේ බාලදක්ෂ කණ්ඩායමේ උදව්වෙනි. ඒ අතර Sam හා Suzy විවාහ ද වෙයි! කෙසේ හෝ නැවතත් මොවුන් හසුවේ. ඉන් ටික දිනකට පසු ඔවුන් පල්ලියකට පැමිණ එහි ඉහලම තැනට ගොස් දෙදෙනාම පහලට පැනීමට උත්සහ කරයි. එය ද වැලකෙන අතර Sam ට හරිහැටි හිමිකරුවෙක් හමුවෙයි. තව ද Suzy ව දිගටම හමුවීමට ද අවස්ථාව ලබා දෙයි. ජීවිතයට ගැනීමට දෙයක් ඇති, කොමඩි ද සහිත, ටිකක් පරණ තාලෙට සෑදූ ලස්සන කථාවක් සහිත, උසස් තත්ත්වයේ ෆිල්මකි.(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



0 comments:

Post a Comment