Friday, November 13, 2015

How to Train Your Dragon 2 (2014)

අවුරුදු 20ක තරැණයෙක් වූ Hiccup, තම පියා කියන කිසිවක් නොඅසා, තමන්ගේ මකරා වන Toothless හා යෙහෙළිය වන Astrid සමඟ දේශ ගවේශනයේ යෙදෙයි. එක් දනෙක මෙසේ යන විට අහම්බෙන් මෙන් මෙතෙක් හමු නොවූ දේශයක් ඔවුන්ට හමු වෙයි. එහිදි අමුතු ආකාරයේ බලකොටුවක සිටින Eret නම් අයෙක් විසින් මොවුන්ව දඩයම් කිරීමට උත්සහ කරයි. මෙසේ මකරුන් දඩයම් කරන්නේ, Drago Bludvist නම් දරුණු පුද්ගලයාට මකර හමුදාවක් නිර්මාණය කිරීමට බව ද දැනගනී. Hiccup, මේ බව තම පියාට පැවසූ විට ඔහු කලබල වන අතර, තම ගම මෙන්ම එහි සිටින සියළු මකරුන්ව ආරක්ෂා කිරීමට පියවර ගනී. එමෙන්ම ඔහු සැරසෙන්නේ Dragoට එරෙහිව යුද්ධ කිරීමට ය. නමුත් Hiccup උත්සහ කරන්නේ මේ යුද්ධය නැවැත්වීමට ය. ඔහු Toothless සමඟ Dragoව සෙවීමට යයි. ඒ යන ගමනේ දී ඔහුව, තවත් අයෙක් විසින් අල්ලාගනී. පසුව දැනගන්නා පරිදී ඒ වෙන කවුරුත් නොව, මෙතෙක් කල් මියගියායැයි සිතා සිටි, Hiccupගේ මව ය. ඇය තනිවම, Alpha නම් විශාල, නායක මකරාගේ නායකත්වය යටතේ, මකර පාරාදීසයක් පවත්වාගෙන යයි. මේ අතර Hiccupගේ පියා ද මෙහි පැමිණෙයි. නැවතත් තම පවුල එකතු වීමේ සතුට සැමරුවත් එය වැඩි වෙලා නොතිබෙන්නේ Drago, තම මකර හමුදාව ද සමඟ එහි පැමිණි බැවිනි. එහිදී දරුණු සටනක් සිදුවන අතර Drago, ඔහුගේ Alphaලවා අනෙක් Alphaව මාරා දමන අතර Toothless ඇතුළු එහි සිටි සියළු මකරුන් තමන්ගේ ග්‍ර‍හණයට ගනී. එසේම Hiccup ගේ පියා මියයන්නේ ද, මේ සිහි විකල්ව සිටින Toothless නිසා ය. Eret ද Hiccup ගේ කණ්ඩායමට එකතුවෙයි. Drago මේ සියළු මකරුන් රැගෙන Hiccupගේ ගමට යයි. Drago ගේ ග්‍ර‍හණයට හසු නොවන මකර පැටවුන්ගේ මාර්ගයෙන් ගමට යන Hiccup ඇතුළු කණ්ඩායම, නැවතත් හොඳ සටනක් දීමෙන් පසු, අවම හානියකින්, Dragoව පරාද කරයි. එමෙන්ම මෙතෙක් කල් ගමේ නායකත්වය ගැනීමට බියෙන් සිටි Hiccupට, ගමේ නායකයා වීමට ද හැකිවේ. ක්‍රියාදාම මෙන්ම වික්‍ර‍මයන් ද ඇති, සුපිරි තත්ත්වයේ ඇනිමේෂන් ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



0 comments:

Post a Comment