Saturday, December 12, 2015

Big Momma's House (2000)

FBI නියෝජිතයෙකු වන Malcolm Turner හා ඔහුගේ මිතුරා වූ John Maxwell, Lester Vesco නම් අපරාධකරුවෙක් සූක්ෂමව අල්ලා ගැනීමට Lesterගේ පෙර පෙම්වතිය වූ Sherry Pierce ගේ ආච්චි වන Big Momma ජීවත්වන නගරයට යවයි. Sherry සෑහෙන කලෙකට පසුව Big Mommaව හමුවීමට එන බැවින්, Sherryව හමුවීමට Lesterද ආ හැකි බැවින් FBI නියෝජිතන්ගේ සැලැස්ම වන්නේ එහිදී ඔහුව අල්ලා ගැනීම මෙන්ම ඔහු සොරකම් කර Big Mommaගේ නිවසේ සඟවා ඇති මුදල්ද සොයාගැනීමයි. නමුත් හදිසියේම Big Momma ටික දිනකට ගෙදරින් පිට වන බැවින් Big Momma ලෙස හැසිරෙන්න සිදුවන්නේ Malcolmට ය. Malcolm ද හොඳ හොඳ පිස්සු නටමින් වැඩේ සාර්ථකව කරගෙන යන අතර සත්‍ය Big Momma නැවත නිවසට එන දිනම Lesterද පැමිණේ. පොඩි වලියකින් අනතුරුව Lesterව යටත් කරගෙන පොලීසියට භාර දෙන අතර පසු දිනෙක Malcolm, Big Momma හා Sherry ඇතුළු පිරිසගෙන් රඟපෑම පිළිබඳව සමාව ගන්නා අතර අවසානයේදී Malcolmට Sherry ව 'සෙට් කර ගැනීම'ට ද හැකිවේ! :v ඇක්ෂන් පොඩ්ඩකුත් ඇති, සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ කොමඩි ෆිල්මකි.



Friday, December 4, 2015

Spy Game (2001)

CIA නිලධාරියෙකු වන Nathan Muir විශ්‍රාම යන දින ඔහුට දැනගන්නට ලැබෙන්නේ තම පරණ ගෝලයෙකු මෙන්ම CIA ක්‍රියාකරුවෙකු වූ Tom Bishop ව චීනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඒ Tomගේ පරණ මෙහෙයුමක දී හමුවූ Elizabeth Hadley නම් තරුණියව චීන සිර කඳවුරකින් බේරා ගැනීමට යන අතරතුරදී ය. තවත් පැය 24ක් ඇතුලත CIA විසින් කිසිවක් ප්‍ර‍කාශ නොකළහොත් Tom ව මරා දමන බව ද කියයි. Tom ව හසු වූයේ CIA මෙහෙයුමක් අතරතුර නොවන නිසා, CIA විසින් Tomව බේරාගැනීමට යාම ප්‍ර‍තික්ෂේප කරයි. කෙසේවෙතත් CIA ප්‍ර‍ධානීන්ට Tom ගැන තොරතුරු දැන ගැනීමට Nathan සමඟ හදිසි සාකච්ඡාවක් කරයි. Nathan, Tomගේ අතීත තොරතුරු පවසන අතරතුර CIA එකටද හොරෙන් Tom හා Elizabeth ව බේරාගැනීමේ සුපිරි සැළසුමක් දියත් කරයි. විවිධ පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට ද කථා කරමින් තම සැළසුම සම්පූර්ණ කර ගැනීමට Nathan සමත් වේ. නමුත් මොහුගේ මෙම අමුතු හැසිරීම ගැන සැක කරන CIA නිලධාරියෙක් මොහු එදින කළ ක්‍රියාකාරකම්වල වාර්ථාවක් ගනිමින් ඒ ගැන ප්‍ර‍ශ්න කරයි. එහිදී Nathan, තම දෙවන සැළසුම ක්‍රියාත්මක කරමින් එම ප්‍ර‍ශ්නවලට සාර්ථකව මුහුණදෙයි. අවසානයේ CIA නිලධාරීන් මොහුගේ මෙම. සැළසුම ගැන දැනගන්නා විට Tom හා Elizabeth සාර්ථකව බේරාගෙන ඇති අතර Nathan ද තම විශ්‍රාම යාම සම්පූර්ණ කර අවසන් ය. තරමක් ක්‍රියාදාම ද සහිත, ටිකක් පරණ වුවත් උසස් තත්ත්ව‍යේ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා zoom.lk වෙත පිවිසෙන්න).



Thursday, December 3, 2015

Toy Story 3 (2010)

Andy දැන් 17 හැවිරිදි තරුණයෙකි. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඈත පාසලකට යාමට සූදානමින් සිටින බැවින් තම කාමරය අස්කර පිරිසිදු කිරීම ආරම්භ කරයි. තම පරණ සෙල්ලම්බඩු දකින ඔහු, Woodyව පමණක් තබාගෙන අනෙක් අයව බෑගයකට දමයි. නමුත් සිදුවන අත්වැරදීමක් නිසා Andyගේ මව එම බෑගය කුණු ගෙනයන වාහනයට දමයි. Woody ද ඔවුන් පසුපස ගොස් ඔවුන්ව බේරා ගැනීමට යන අතර දැඩි උත්සහයකින් පසු ඔවුන්ට එම කුණු වාහනයෙන් පිටතට ඒමට හැකිවේ. Andy ගැන කළකිරුණු ඔවුන් තීරණය කරන්නේ Sunnyside නම් දිවා සුරැකුම් ආයතනයට යාමට ය. Woody ඔවුන්ව වැලැක්වීමට උත්සහ කළත් ඔවුන් නවතින්නේ නැත. Woody ද සමඟ ඔවුන් Sunnyside බලා යන අතර Woody, Andyව විශ්වාස කරන නිසා තම මිතුරන්ගෙන් වෙන්වී එතැනින් පමිණේ. නමත් සිදුවන වැරැද්දක් නිසා ඔහු නවතින්නේ Sunnyside වෙත යන ළමයෙකු වන Bonnieගේ නිවසෙහි ය. එහිදී ඔහු දැනගන්නේ Sunnyside යනු සෙල්ලමු බඩුවලට හොඳ තැනක් නොවන බවයි. වහා ක්‍රියාත්මක වන Woody, තම මිතුරන්ව බේරා ගැනීමට නැවතත් Sunnyside වෙත යයි.
මේ අතර Sunnyside වෙත ගිය Woodyගේ මිතුරන්ට ලබන්නේ නරක කල දසාවකි. කිසිම අනුකම්පාවක් නැති ළමුන් පිරිසකගේ මෙන්ම සෙල්ලම් බඩුවල නායකයා වූ Lotso නම් වලසාගේ තාඩන පීඩන මැද ඔවුන්ට දිවි ගෙවීමට සිදුවේ. එමෙන්ම ඔවුන් දැනගන්නේ Andy, තමන්ව විසි කිරීමට තීරණය නොකළ බවත්, Woody, Andy ගැන කිවූ දේවල් සත්‍ය බවත් ය. එමෙන්ම Lotso මෙතරම් දරුණු වීමට හේතුව ද ඔහුගේ අතීත කථා සොයාගැනීමෙන් ඔවුන් ට දැනගැනීමට හැකිවේ. කෙසේවෙතත් Woodyගේ සැළසුම් අනුව, දහසක් බාධක මැද මේ සෙල්ලම් බඩුවලට Sunnyside වෙතින් පැනගැනීමට හැකිවේ. සියල්ලන්ම නැවතත් Andyගේ ගෙදර යන අතර Woodyගේ උපක්‍ර‍මයකට අනුව Andy, මේ සියළු සෙල්ලම් බඩු Bonnieට දෙයි. එමෙන්ම Sunnyside හි සෙල්ලම් බඩුවල කල දසාව ද යහපත් අතට හැරේ. ජීවිතයට ගන්න දෙයක් ඇති, පවුලේ සැමට බැලිය හැකි, අනිවා බැලිය යුතු, සුපිරි තත්ත්වයේ ඇනිමේෂන් ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



Monday, November 30, 2015

Nightcrawler (2014)

ලු බ්ලුම් රැකියාවක් නැති තරුණයෙකි. ඔහු ජිවත් වීමට කරන්නේ වැඩපොලවල්, ගබඩා වල යකඩ සොරකන් කර විකිණීමයි. ඔහුට රැකියාවක් දීමට කිසි කෙනෙක් කැමති නොවන්නේ ද මෙනිසාය. ඒත් එක් දිනක ඔහු දකින්න ලැබෙන හදිසි අනතුරක් රූගත කරන මාධ්‍යවේදීන් පිරිසක් නිසා මොහුගේ ජීවිතය හාත්පසින් වෙනස්ම මාර්ගයට වැටේ (source: baiscopelk). ඔහු ද කැමරාවක් හා රේඩියෝ ස්කෑනරයක් ගෙන, පොලීසියේ පණිවිඩවලට සවන්දෙමින්, අනතුරු සිදුවූ තැන්වලට ගොස් ඒවා වීඩියෝ කර මාධ්‍ය ආයතනවලට විකිණීම ආරම්භ කරයි. දිනෙන් දින දියුණු වන මොහු තමන්ගේ උදව්වට රික් නම් තරුණයෙක් ද බඳවා ගනී. එමෙන්ම මාධ්‍ය ආයතනයට ද තම බලපුළුවන්කාරකම් පෙන්වා තම ගෙවීම් වැඩිකර ගනී. මාධ්‍ය ආයතනය ද වග විභාගයක් නැතිව ම මොහු ගෙනෙන වීඩියෝ ප්‍ර‍චාරය කරයි. දිනක් අපරාධයක් සිදුවන ස්ථානයකට, පොලීසිය යාමටත් ප්‍ර‍ථම යාමට මොවුන්ට හැකි වන අතර එහිදී අදාළ අපරාධය කලවුන් ඇතුළු සම්පූර්ණ සිද්ධියම වීඩියෝ කර ගනී. නමුත් මාධ්‍ය ආයතනයට ලබාදෙන්නේ අපරාධකරුවන්ගේ තොරතුරු ඉවත් කළ වීඩියෝවයි. වීඩියෝව ප්‍ර‍සිද්ධ වීමෙන් පසු අපරාධකරුවන්ව සොයා දෙනවුන්ට මුදල් පිරිනමන බව ප්‍ර‍කාශ කිරීමත් සමඟ ක්‍රියාත්මක වන බ්ලුම් හා රික්, අපරාධකරුවන් පසුපස ගොස්, ඔවුන් පිළිබඳ තොරතුරු පොලීසියට ලබා දේ. පොලීසිය පැමිණ අපරාධකරුවන් අල්ලා ගන්නා ආකාරය වීඩියෝ කරන මොවුන් එතැනින් පැනගත් අපරාධකරුවෙක් පසුපස පොලීසය සමඟ හමා යන ආකාරය ද වීඩියෝ කරයි. අවසානයේ අපරාධකරු මෙල්ල වූ පසු ඔහුව වීඩියෝ කිරීමට රික් ව යවන අතර, අපරාධකරු රික් ට වෙඩි තබන ආකාරයත්, ඔහු මියයන ආකාරයත්, එතැනින් එහාට සිදුවූ සියල්ලත් වීඩියෝ කර මාධ්‍ය ආයතනයට විකුණයි. බ්ලුම්ගේ මෙම ක්‍රියාවලිය ගැන සැකකරන පොලිස් පරීක්ෂකවරියක් පැමිණ සම්පූර්ණ සිද්ධිය වටහා ගත්තත්, සාක්ෂි නොමැති නිසා බ්ලුම් වරදකරුවෙක් නොවී නිදහස් වේ. අවසානයේ දී බ්ලුම්, තවත් කීපදෙනෙකු තම කණ්ඩායමට බඳවාගෙන තම ව්‍යාපාරය දියුණු කරයි.
මාධ්‍ය සදාචාරය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ක්‍රියාකරන, මුදල් පසුපස පමණක් හමා යන වාර්ථාකරුවෙකු හා මාධ්‍ය ආයතනයක් ගැන කියවෙන, උසස් තත්ත්වයේ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



Saturday, November 28, 2015

Ant-Man (2015)

ඒ 1989 වසරයි. Hank Pym නම් විද්‍යාඥයා S.H.I.E.L.D. පරීක්ෂාණාගාරයක සේවය කරන්නෙකි. පරමාණු අතර දුර අඩු කිරීමේ තාක්ෂණයක් මඟින් මිනිසෙකු කුහුඹියෙකු තරමට කුඩා විය හැකි මෙන්ම ශරීර ශක්තිය මෙන් විසි ගුණයක ශක්තියක් ද ලබාගත හැකි ඇඳුමක් ඔහු විසින් සාදයි. කෙසේවෙතත් මෙම තාක්ෂණය වැරදි කෙනෙකුට ලැබුනොත් සිදුවන විනාශය ගැන සිතා එය සගවා තබයි. Pym  විසින් Pym Technologies නම් ආයතනය පිහිටුවන අතර ඔහුගේ ගෝලයෙකු වු Darren Cross, පසුකලෙක Pym ව ආයතනයෙන් නෙරපා දමා, Pymගේ දියණිය වන  Hope සමඟ එකතුවී මෙම තාක්ෂණය සොයාගැනීමට උත්සහ කරයි. වසර ගණනකට පසු එය සාර්ථක වන අතර එය Yellowjacket ලෙස නම් කරයි. Cross උත්සහ කරන්නේ එම තාක්ෂණය ත්‍ර‍ස්තවාදීන්ට විකුණා මුදල් ලබාගැනීමට බව දැනගත් Hope එය තම පියාට පවසන අතර එය නැවැත්වීමට උත්සහ දරයි.
Scott Lang යනු හොඳ තාක්ෂණික දැනුමක් ඇති සොරෙකි. ඔහුගේ බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ඇති අතර කුඩා දියණිය - Cassie, ඔවුන් සමඟ ජීවත් වේ. කාලයක් සිරගත වී සිට නිදහස ලබා පැමිණි ඔහු, තම පැරණි මිතුරෙකු වූ Luis සමඟ දිවිගෙවයි. Lang නැවතත් සොරකම් නොකර, රක්ෂාවක් කර ජීවත් වීමට උත්සහ කරත් එය අපහසු වන අතර Luisගේ කීමක් අසා ධනවතෙකුගේ නිවෙසක ඇති සේප්පුවක් බිඳීමට එකඟ වීමට සිදුවේ. වැඩ දමා සේප්පුව කැඩුවත් හමුවන්නේ මෝටර් සයිකල් ඇඳුමක් වැනි ඇඳුමකි. එය ද රැගෙන යන ඔහු පසු වෙලාවක එය ඇඳ එහි වූ බොත්තම් ඔබයි. ක්ෂණයෙන් කුහුඹු මිනිසෙකු බවට පත්වන ඔහු කලබල වන අතර Pym ඔහුට කථාකර කියන්නේ කලබල නොවන ලෙසයි. නමුත් නැවතත් යථා තත්ත්වයට පැමිණි පසු Lang කරන්නේ එම ඇඳුම තිබූ තැන තැබීමට යාමයි. එහිදී ඔහුව පොලීසියට හසුවන අතර ඔහුව බේරාගන්නේ Pym ය. මෙම ඇඳුම සොරකම් කිරීමට පෙළඹවූයේ තමා බව පවසන Pym, තමාට උදව් කළොත් Lang ට තම දියණිය සමඟ සිටීමට අවස්ථාව ලබාදෙන පවසයි. Langගේ මෙහෙයුම වන්නේ Crossට අයත් Yellowjacket ඇඳුම සොරකම් කර Pym Technologies ආයතනය විනාශ කිරීමයි. Lang තම පුහුණුවීම් ආරම්භ කරන අතර තම ශරීරය ප්‍ර‍මාණය වෙනස් කරමින් විවිධ මෙහෙයුම්වල නිරත වීමත්, කුහුඹුවන්ගේ සිතිවිලි පාලනය කිරීමටත් සමත් වේ. Avengers මූලස්ථානයට ගොස් අවශ්‍ය උපකරණ සොරාගැනීමට ද ඔහු සමත් වේ. කිසිවිටෙක උප-පරමාණුක තත්ත්වය දක්වා කුඩා නොවන ලෙස පවසන Pym, තම බිරිඳ ද නැතිවුනේ එසේ කුඩා වී අනන්තය දක්වා හැකිළීමෙන් බව කියයි (source: Vidusara).  අවසානයේ තම කණ්ඩායම ද සමඟ එක්වී Pym Technologies වෙත ගොස් Cross හා Hydra සංවිධානය අතර සිදුවන මේ ගණුදෙනුව වැලැක්වීමට උත්සහ කරයි. නමුත් සිදුවූ යම් යම් සිද්ධීන් නිසා සැළසුම් වෙනස් වූවත් ගණුදෙනුව වලක්වයි. Cross, Yellowjacket එක ඇඳගෙන, කුහුඹියෙකු තරමට කුඩා වී Lang සමඟ සටන් කරන අතර Crossව පැරැද්දීමට Lang ට උප-පරමාණුක තත්ත්වයට යාමට සිදුවේ. Crossව ඝාතනය කළ ද මොහුව අනන්තය දක්වා හැකිළීමට පටන් ගනී. Cassieගේ කටහඬ ඇසීමත් සමඟ ඔහුට සිදුවන දේ වැටහෙන අතර නැවතත් සාමාන්‍ය තත්ත්වයට ඒමට ඔහු සමත් වේ.
හොඳ හොඳ ක්‍රියාදාම මෙන්ම පොඩි පොඩි කොමඩි ද ඇති, අනිවා බැලිය යුතු, සුපිරි තත්ත්වයේ action - sci-fi ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).


Thursday, November 26, 2015

Paddington (2014)

පේරු හි මහ කැලයට යන ගවේශකයෙකු වූ Montgomery Clydeට බුද්ධිමත් වලස් වි‍ශේෂයක් හමුවේ. මොහු සමඟ කලක් ගතකරන විට මෙම වලසුන්ට ඉංග්‍රීසි ද කථා කිරීමට හැකිවේ. Clyde ඔවුන් ව Lucy හා Pastuzo ලෙස නම් කරයි. ඔහු කැලයෙන් යන්නේ වලසුන්ට ලන්ඩන් වෙත ඒමට ආරාධනයක් ද කරමිනි. වසර කීපයකට පසු මෙම වලසුන්, තම බෑනා සමඟ සතුටෙන් ජීවත් විය. දිනක් සිදුවන දරුණු භුමිකම්පාවක් නිසා Pastuzo මාමා මියයයි. Lucy නැනදාගේ බෑනා, ඇයත් සමඟ ලන්ඩන් බලා එන්නේ Clydeව සොයාගෙන ය. එහි පැමිණි පසු ඔවුන් වෙන් වී වෙන වෙනම තමන්ට අවශ්‍ය නවාතැන් සොයාගෙන යයි. තරුණ වලසා ට Brown පවුල හමුවන්නේ මෙහිදී ය. ඔවුන් මොහුට Paddington ලෙස නම් තබයි. තාවකාලිකව Brown නිවසේ සිටින Paddington ට Brown මහතා හැර අනෙක් සියල්ලන් කැමති වේ. Brown මහතා උත්සහ කරන්නේ Paddingtonට කෙසේ හෝ Clydeව සොයා දී ඌව නිවෙසින් පිටත් කරවීමටයි. මේ අතර Clydeගේ දුව වන Millicent Clyde, Paddington පසුපස පන්නයි. Brown මහතා හා Paddington කොතෙක් උත්සහ කළත් ගවේශක Clydeව සොයාගැනීමට අපෙහොසත් වේ. මේ නිසා මෙන්ම Paddington අතින් සිදුවූ යම් යම් සිද්ධීන් නිසා Paddington තනිවම තම අරමුණ ඉටුකරගැනීමට උත්සහ කරයි. මෙහිදී Paddington දැනගන්නේ ගවේශක Clyde මහතා මියගොස් ඇති බව ය. පෙර සිට ම Paddington පසුපස පැන්නූ Millicent Clyde, Paddingtonව අල්ලාගෙන, ඌව මරා, තම කෞතුකාගාරයේ ප්‍ර‍දර්ශන භාන්ඩයක් ලෙස තැබීමට සැරසෙයි. ඇය මෙසේ සතුන්ගෙන් පලිගන්නේ ඇගේ පියා, තම පවුලට මෙන්ම ඇයට ද  හරි හැටි නොසැලකූ නිසාවෙනි. කෙසේ වෙතත් Brown පවුල සිද්ධිය තේරුම් ගෙන, Paddingtonව සොයා පැමිණ, සෑහෙන උත්සහයක් දරා ඌව බේරාගනී. අවසානයේ Paddingtonට නියම පවුල හමුවේ. පවුලේ සැමට බැලිය හැකි, ලස්සන කථාවක් සහිත, හොඳ තත්ත්වයේ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



Tuesday, November 24, 2015

Maze Runner: The Scorch Trials (2015)

WCKD සංවිධානය මඟින් සෑදූ වංකගිරියෙන් බේරී එන Thomas ඇතුළු පිරිස, එම සංවිධානයට විරුද්ධව වැඩ කරනවායැයි කියන, Janson නම් පුද්ගලයෙක් යටතේ ඇති තවත් කඳවුරකට රැගෙන යයි. එහිදී ඔවුන්ට අමතකව තිබූ ලෝකයේ සත්‍ය ස්වභාවය කෙමෙන් වැටහෙයි. කලෙකට පෙර සූර්යයාගෙන් නිකුත් වූ ගිනිදැල්ලක් නිසා ලෝකයට විශාල හානියක් වූ බවත්, එයින් දිවි ගලවාගත්තවුන්ගෙන් වැඩි පිරිසක් Flare වෛරසය නිසා Cranks නමින් හඳුන්වන උමතු සතුන් පිරිසක් වී ඇති බවත් සුළු කොටසක් පමණක් තැන් තැන් වල කණ්ඩායම් ආකාරයෙන් ජිවත්වන බවත් ය. ස්වභාවයෙන්ම Thomas සතුව මෙම වෛරසයට ප්‍ර‍තිශක්තියක් ඇති බැවින් ඔහුව කුඩාකාලයේදී ම, Paige නම් වෛද්‍යවරිය යටතේ ඇති WCKD සංවිධානයේ භාරයට ගෙන ඇත. WCKD හි වංකගිරි පරීක්ෂණයේ අරමුණ වන්නේ ද Thomas වැනි තරුණ තරුණියන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අනුව වෛරසයට ප්‍ර‍තිකර්මයක් සෑදීමයි.
නව කඳවුරේ දී Thomas ඇතුළු පිරිසට, ඔවුන් සිටි ඇකාරයේ වංකගිරිවල සිට බේරී ආ තවත් බොහෝ අය හමුවේ. Janson විසින් දිනපතා එයින් කීපදෙනා බැගින් තවත් හොඳ සථානයකට රැගෙන යන බව පවසා ගෙනයයි. එහි වැඩි කාලයක් රැඳී සිටි Aris නම් තරුණයාගේ ද උදව් ඇතිව Thomas මේ ගැන සොයා බලන අතර එහිදී අනාවරණය වන්නේ මේ කඳවුර ද WCKDහි ම කොටසක් බවත්, Paige තවමත් ජීවත් වන බවත්, කලින් රැගෙන ගිය අය රහස් කාමරයක රඳවා, ඔවුන්ගේ මොළවලින්, වෛරසය තරමක් දුරට හෝ පාලනය කළ හැකි බෙහෙතක් නිස්සාරණය කරන බවත් ය. මෙය දැකීමත් සමඟ වහා ක්‍රියාත්මක වන Thomas, තම කණ්ඩායමත් සමඟ එතැනින් පැනයයි. Crankලාගේ ප්‍ර‍හාර මැද අති දුෂ්කර ගමනක් අවසානයේ ඔවුන් කුඩා කල්ලියක් වෙත එයි. එයට ද WCKD විසින් පහර දෙන අතර එහි සිටි Jorge හා Brenda ද සමඟ එතැනින් පැන ගැනීමට සමත් වේ. නැවතත් දිගු ගමනකින් පසු ඔවුන් Right Arm නම් කැරලිකරුවන් වෙත යයි. එහිදී Thomasට, WCKDහි කලින් වැඩකළ Mary Cooper නම් වෛද්‍යවරියගෙන් දැනගැනීමට ලැබෙන්නේ Thomas ද WCKDහි වැඩකළ අයෙක් බවත්, එහි ක්‍රියාවලිය ගැන කළකිරී කැරලිකරුවන්ට තොරතුරු දුන් බවත්, එබැවින් ඔහුගේ මතකය මකා දමා ඔහුව ද වංකගිරියට දැමූ බවත් ය (source: Vidusara). කෙසේවෙතත් Thomasගේ කණ්ඩායමේ ම කෙනෙක් වූ Teresa, WCKD වෙත තමා සිටින තැන ගැන තොරතුරු සපයයි. Paige හා Janson ඇතුළු WCKD කණ්ඩායමක් පැමිණ මහා විනාශයක් සිදුකර එහි සිටින්නන්ව රැගෙන යාමට තැත් කරයි. Thomasගේ හා Jorgeගේ සටන් කිරීම නිසා සියල්ලන් රැගෙන යාමට නොහැකි වුවත්, Thomasගේ යහළුවා වූ Minho ඇතුළු පිරිසක් රැගෙන යාමට සමත් වේ. Thomasගේ ඊලඟ උත්සහය වන්නේ අවසානයට ඉතුරු වූ ටික දෙනා සමඟ WCKD වෙත ගොස් පහර දී විනාශ කර මේ දරුණු ක්‍රියාවලිය නැවැත්වීමයි.
දරුණු වෛරසයක් නිසා විනාශ වෙමින් පවතින මනුෂ්‍ය සංහතිය බේරාගැනීමට ඉතිරිව සිටින්නන් ද විනාශ කරමින්, වැරදි ආකාරයකින් ක්‍රියා කරන සංවිධානයකින් පැනයන ළමුන් පිරිසක් ගැන මෙන්ම, ඔවුන් ඉමහත් කැපකිරීම් කරමින් එය නවතා දැමීමට දරන උත්සහය ගැන කියවෙන, ක්‍රියාදාම බහුල, සුපිරි තත්ත්වයේ action - sci-fi ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



Thursday, November 19, 2015

Jackie Chan Presents: Wushu (2008)

කුඩා කල සිටම සටන් වලට කැමති ළමුන් පිරිසක් Wushu පාසලකට ඇතුලත් වී හොඳින් සටන් කලාව ඉගෙන ගන්නා අතර ඔවුන් පසු කලෙක, එම පාසලේම ආදි ශිෂ්‍යයෙක් විසින් සිදුකරන ළමා සොරකමකට එරෙහිව, එකම කණ්ඩායමක් ලෙස සටන් කරයි. ඔහුව පරදා, ළමා සොරකම ද නවතා, පාසල් අවසන් පරීක්ෂණයෙන් ද සමත්වන සිසු සිසුවියන් පිරිසක් ගැන කියවෙන, සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ෆිල්මකි.



I Origins (2014)

Ian Gray, ඇසේ පරිණාමය ගැන පරීක්ෂණ කරන පශ්චාත් උපාධි සිසුවෙකි. ඇසේ පරිණාමය ගැන නිසි සාක්ෂි තවමත් නැතිවීම, මිනිසා දෙවියන් විසින් නිර්මාණය කරා'යැයි කියන මතය තහවුරු කරන එක් සාධකයක් බැවින් එය බිද දැමීම  Ianගේ ඉලක්කයයි. තම මිතුරා වූ Kenny සමඟ මොහු මෙම පරීක්ෂණ කරන අතර උපාධි ශිෂ්‍යාවක් වූ Karen ද මොවුන්ගේ වැඩවලට සම්බන්ධ වෙයි. එක් දිනකදී Ianට තරුණියක් මුණ ගැසෙන අතර ඔහු ඇගේ දෑසේ ඡායාරූප ගනී. ඔවුන් ප්‍රේමයකට මුල පිරුවත් හදිසියේම ඇය පලා යයි. කෙසේවෙතත් ටික දිනකට පසු අහඹු සිදුවීම් කීපයකින් පසු නැවතත් ඇයව හමුවේ. Sofi නම් එම තරුණිය සමඟ නැවතත් ප්‍රේමය පටන්ගනී. ඔවුහු විවාහ වීමට ද තීරණය කරයි. විවාහ වන දිනයේ පරීක්ෂණාගාරයේ කෙරුණු පරීක්ෂණයක් සාර්ථක වීමක් ගැන Karen, Ianට දැනුම් දෙන අතර Ian, Sofi ද සමඟ පරීක්ෂණෘගාරයට යයි. නැවතත් එහි සිට එන අතරතුර විදුලි සෝපානයේ දී සිදුවන අවාසනාවන්ත අනතුරක් නිසා Sofi මියයයි. කාලෙකට පසු Ian, Karen සමඟ විවාහ වෙයි. වසර 7කට පසු ඔවුන් මේ තාක් කළ පරීක්ෂණ ගැන පොතක් පළ කරන අතර ඒ සමයේදීම ඔවුන්ට දරුවෙකුද ලැබෙයි. අළුත උපන් සෑම දරුවෙකුගේ ම ඇස් පරිලෝකනය කර ගබඩා කරන නව ක්‍ර‍යට අනුව මේ දරුවාගේ ද ඇස් පරිලෝකනය කරන අතර එහිදී පෙන්වන්නේ මෙම දරුවාගේ අක්ෂි සටහනට සමාන අක්ෂි සටහනක් ඇති  Paul Edgar Dairy නම් පුද්ගලයෙක් සිටින බව ය. මෙය පද්ධති‍යේ වැරැද්දක් ලෙස නොසලකා හරි. පසු කලෙක Simmons නම් වෛද්‍යවරියක් ඔවුන්ට කථා කර කියන්නේ ඔවුන්ගේ දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා සහභාගි වන ලෙසත් ය. එම පරීක්ෂණයේ දී දරුවාට විවිධ ඡායාරූප පෙන්වා ඒවා කෙරෙහි දරුවාගේ සංවේදීතාව ගැන සොයා බලයි. නමුත් මේ ගැන සැක කරන Ian, ඒ ඡායාරූපවල තිබූ තොරතුරු අනුව අදාල ප්‍රදේශය සොයා යන අතර එහිදී ඔහු දකින්නේ, තම දරුවා වඩාත් සංවේදී වූ දර්ශන එහි ඇති බවත් කලෙකට පෙර එහි විසූ Paul Edgar Dairy මිය ගිය බවත් ය. වෛද්‍ය Simmons උත්සහ කරන්නේ පුනරුත්පත්තිය ගැන පරීක්ෂණයක් කිරීමට ද, කෙනෙක් මියගිය විට ඔහුගේ අක්ෂි සටහනම ඇති තවත් අයෙක් ඉපදීමට ඇති ඉඩකඩ ගැන සෙවීමට ද යන්න ඔවුන්ට සැක මතුවේ. Ian, Karen හා Kenny එකතු වී Sofiගේ අක්ෂි සටහන සහිත අයෙක් ගැන සොයා බලන අතර එවිට හමුවන්නේ එම අක්ෂි සටහනම සහිත දැරියක් ඉන්දියාවේ සිටින බවය (source: Vidusara). Ian ඉන්දියාවට ගොස් දැඩි වෙහෙසක්, වියදමක් දරා Salomina නම් එම දැරිය සොයාගන්නා අතර ඇයට ද ඔහු, Sofiගේ මෙන්ම Sofi ආසා කළ දේවල්වල ඡායාරූප පෙන්වයි. නමුත් පරීක්ෂණය එතරම් සාර්ථක නොවන අතර ඇයව නැවත නිවසට ගෙනයාම සඳහා Ian නැවතී සිටි හෝටලයේ විදුලි සෝපානය වෙත යන අතර එහිදී ඇය දැඩි ලෙස බියපත් වී, අඬමින්, Ian ව දැඩිව බදාගනී. එහිදී ඔහු කරුණු තේරුම්ගනී. ෆිල්මේ අවසානයට ම වෛද්‍ය Simmons විසින් ලොව සිටි ප්‍ර‍සිද්ධ පුද්ගලයන්ගේ අක්ෂි සන්සන්දනය කිරීමක් පෙන්වයි. සැබවින්ම සිදුවන දේ හා විද්‍යාත්මක පැහැදිළි කිරීම් අතර පරතරය මෙන්ම ඇදහිලි හා විශ්වාසව අභියොගයට ලක් කරත් සමහර අවස්ථාවලදී ඒවා නොසැලකිය නොහැකි බව පැවසෙන, සංවේදී සිද්ධි මෙන්ම 18+ දර්ශන කීපයක් ද ඇති, එහෙත් ලස්සන, අමුතු ආකාරයේ කථාවක් සහිත සුපිරි තත්ත්වයේ විද්‍යා ප්‍ර‍බන්ධ ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).



Wednesday, November 18, 2015

Ultraviolet (2006)

2078 දී ලොව පුරා අමුතු ආකාරයේ වෛරසයක් පැතිර යන අතර එය වැළඳෙන සෑම අයෙක්ම වැම්පයර් ලක්ෂණ පෙන්වයි. මොවුන් hemophages ලෙස හඳුන්වන අතර සුපිරි මනුෂ්‍ය හැකියා ද ඇතිවන'මුත් ජීවත් විය හැක්කේ වසර 12ක් පමණි. Daxus නම් අයෙක්ගේ නායකත්වය යටතේ ඇති Archministry නම් සංවිධානයක් විසින් කරන්නේ මේ hemophagesලාව ඝාතනය විනාශ කිරීමයි. Hemophages කෙනෙකු වන Violet නම් තරුණිය, hemophagesලාව සුරකින රහස් සංවිධානයක සේවය කරයි.දිනක් ඇයගේ මෙහෙයුම වන්නේ hemophagesලාව විනාශ කිරීමට සෑදූ විශේෂ ආයුධයක් සොරකම් කිරීමය. එය සොරකම් කළ පසු ඇය දැනගන්නේ එහි ඇත්තේ අයුධයක් නොවන බවත් සිටින්නේ Six නම් ළමයෙකු බවත් ය. ඇයට හැඟෙන්නේ මේ ළමයාගේ රැධිරයෙහි සතුව hemophagesලාව සුව කිරීමට සමත් බෙහෙත ඇති බවය. නමුත් ඇගේ යහළුවා වන Garth පවසන්නේ එය එසේ නොවන බවය. Daxusගේ කණ්ඩායමක් පැමිණ නැවතත් Six ව පැහැරගන්නා අතර Violet ඔහුව බේරාගැනීමට යයි. එහිදී ඇය දැනගන්නේ Six යනු Daxusගේ ක්ලෝනයක් බවය. Six ට ජීවත්වීමට තවත් ඇත්තේ පැය 8ක් බැවින් Violet නැවතත් Six ව රැගෙන ඔහුගේ අවසානය නිදහසේ සිදුවීමට ඉඩහරි. එහෙත් Daxus, Violet ට වෙඩි තබා Six ව නැවත රැගෙන යයි. මේ අතර Garth විසින් වෛරසයට බෙහෙතක් සාදයි. කෙසෙවෙතත් Violetට හැඟීයන්නේ ඇත්තෙන්ම Six මිය නොගිය බවය. නැවතත් Daxusට එරෙහිව සටන් කර ඔහුව ඝාතනය කර Six ව රැගෙන නමුත් Violetට බෙහෙත බල-නොපාන්නේ ඇය වසර 12හි අවසාන කාලයේ සිටින බැවිනි. කථාව හොඳ වුවත් ෆිල්මේ එතරම් ගතියක් නැත. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ action - sci-fi ෆිල්මකි.
(Sinhala subtitles සඳහා baiscopelk වෙත පිවිසෙන්න).